මාසයක් අතුරුදන් වූ නාවික යාත්‍රාව හමුවේ!

0
314
180228-N-RB168-679 PHILIPPINE SEA (Feb. 28, 2018) The Arleigh Burke-class guided-missile destroyer USS Curtis Wilbur (DDG 54) participates in a close quarters maneuvering exercise. Curtis Wilbur is forward-deployed to the U.S. 7th Fleet area of operations in support of security and stability in the Indo-Pacific region. (U.S. Navy photo by Mass Communication Specialist 1st Class Benjamin Dobbs/Released)

නාවිකයින් හයදෙනෙකු සමග මාසයක පමණ කාලයක් දකුණු මුහුදේදී අතුරුදන්ව තිබූ ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් යාත්‍රාව සමග යළි පණිවිඩ සබදතා ඇති කරගත් බව නාවික හමුදාව පවසනවා.

විශේෂ ආවේක්ෂණ රාජකාරි සදහා යොදවා තිබුනු එම යාත්‍රාව සමග පැවති පණිවිඩ සබදතා ගිලිහී ගොස් තිබුණේ පසුගිය සැප්තැම්බර් මස 17වනදා සිටයි. අදාළ යාත්‍රාව සමග පැවති සබදතා ගිලිහී යාමෙන් පසු පසුගිය මස 26 වන දින සිට නාවික හමුදා වේග ප්‍රහාරක යාත්‍රා සහ ගැඹුරු මුහුදු ආවේක්ෂණ නෞකා එක්ව දකුණු මුහුදු ප්‍රදේශය ආවරණ වන පරිදි එම යාත්‍රාව සෙවීමේ මෙහෙයුම් ක්‍රියාත්මක කළා. ඒ සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේද සහය ලබාගත් බවයි නාවික හමුදාව පැවසුවේ. 

අතුරුදන් වූ යාත්‍රාව සෙවීමේ මෙහෙයුම සදහා අනුයුක්තව සිටි ඒ 521 නෞකාව මගින් අද දහවල් වනවිට දකුණු මුහුදු ප්‍රදේශයේදී අදාළ යාත්‍රාව සමග නැවත පණිවිඩ සබදතා ගොඩ නගාගෙන තිබෙනවා. දැනට අනාවරණ වී ඇති තොරතුරු අනුව අදාළ යාත්‍රාව කාර්මික දෝෂයකට ලක්වී නාවික සැතපුම් 400ක පමණ දුරක් ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් වූ ගැඹුරු මුහුදු ප්‍රදේශයට ගසාගෙන ගොස් තිබෙනවා.

එම යාත්‍රාවේ සිටි නාවිකයින් ඇති වූ කාර්මික දෝෂය යථා තත්ත්වයට පත් කරගැනීමෙන් අනතුරුව ගොඩබිම දෙසට යාත්‍රා කරමින් සිටියදී නැවත වරක් පණිවිඩ සබදතා ගොඩනගා ගැනීමට හැකි වූ බවයි නාවික හමුදාව පැවසුවේ. 

එම යාත්‍රාවේ සිටි නාවිකයින් හයදෙනා නිරුපද්‍රිතව බේරාගැනීමෙන් පසු මේ වනවිට ගොඩබිමට රැගෙන එමින් සිටින බව නාවික හමුදාව වැඩිදුරටත් සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here