අද සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06 ක මිල ගණන් පහත දමා තිබෙනවා. ඒ අනුව සුදුළුෑණු කිලෝග්‍රෑමයක මිල අඩු කර ඇත්තේ රුපියල් 60 කින්.
එහි නව මිල වන්නේ රුපියල් 490 ක්. තිරිගු පිටි කිලෝ ග්‍රෑමයක් රුපියල් 55 කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 320 ක් වන බවයි ලංකා සතොස පැවසුවේ. රුපියල් 50 කින් හාල්මැස්සන් කිලෝවක මිල ද අඩු කර තිබෙනවා.
එහි නව මිල වන්නේ රුපියල් 1450 ක්. කඩල පරිප්පු කිලෝ ග්‍රෑමයක් රුපියල් 30 කින් අඩු කිරීම හේතුවෙන් රුපියල් 285 ක මිලකට කඩල පරිප්පු කිලෝ ග්‍රෑමයක් පාරිභෝගිකයින්ට අද සිට මිලදී ගත හැකි බවයි ලංකා සතොස පැවසුවේ.
සුදු සීනි කිලෝ ග්‍රෑමයක් ද රුපියල් 15 කින් අඩු කර තිබෙනවා. ඒ අනුව සුදු සිනි කිලෝ ග්‍රෑමයක නව මිල වන්නේ රුපියල් 260 ක්. රුපියල් 174 කට පැවැති ආනයනික සුදු කැකුළු සහල් කිලෝවක මිල රුපියල් 05 කින් අඩු කිරීම හේතුවෙන් එම සහල් කිලෝවක් රුපියල් 169 ක මිලකට මිලදී ගත හැකි බවයි ලංකා සතොස වැඩිදුරටත් සඳහන් කළේ.