ගල් අඟුරු එයි… මාසයක් තිස්සේ නැවක් මූදේ…

0
333

ගල් අඟුරු රැගත් නෞකාවක් ලබන 25 වැනිදා දිවයිනට ළඟාවන බව ලංකා ගල් අඟුරු සමාගම පවසයි. 

එහි සාමාන්‍යධිකාරි නාමල් හේවගේ මහතා සඳහන් කළේ, මීට පෙර ගිවිසුම් ගත වූ සමාගමෙන් එම ගල් අඟුරු තොගය ආනයනය කරන බවය.

ඒ අනුව බාධාවකින් තොරව නොරෝච්චෝලේ බලාගාරය ක්‍රියාත්මක කිරීමට හැකි බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

මේ වනවිට නොරෝච්චෝලේ බාලගාරය ක්‍රියාත්මක කිරිමට ගල් අඟුරු සංචිත පවතින්නේ ලබන 30 වැනිදා දක්වා පමණි. 

පෙර ගිවිසුම්ගත සමාගමෙන් දෙසැම්බර් මාසය දක්වා තවත් ගල් අඟුරු නෞකා 4ක් ආනයනයට සැලසුම් කර ඇති බව නාමල් හේවගේ මහතා ප්‍රකාශ කළේ ය.

ගල් අඟුරු මිලදී ගැනීමට නව සැපයුම්කරුවෙකු තෝරා ගැනීම සඳහා ‍ටෙන්ඩරයක් මේ වනවිට කැඳවා ඇති අතර එහි කාලය ලබන 25 වැනිදායින් අවසන් විමට නියමිතය.‍

මේ අතරතුර කොළඹ වරායේ නැංගුරම්ලා ඇති බොරතෙල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් රැගත් නෞකාවට මෙතෙක් මුදල් ගෙවීමට ‍නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. 

එම නෞකාව දිවයිනට ළඟාවී දැනට දින ‍40 කට අධිකය.

බොරතෙල් නොමැති වීම හේතුවෙන් මේ වනවිට සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ද වසා දමා තිබේ

කෙසේවෙතත් දිවයිනට ළඟාවූ ඩිසල් ‍නෞකාවට ඊයේ(20) මුදල් ගෙවූ බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පැවසුවේ ය.

එහි ඇති ඩීසල් මෙට්‍රික් ටොන් 40,400ක් ගොඩබෑම අද (21)ආරම්භ කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here