ශ්‍රී ලංකා පිල හොඳටම කරයි…

0
529

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලානයේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා අයර්ලන්ත කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 9 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරඟයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 128 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මහීෂ් තීක්ෂණ කඩුලු 2 ක්, වනිඳු හසරංග කඩුලු 2 ක් හා බිනුර ප්‍රනාන්දු, ළහිරු කුමාර, ධනංජය ද සිල්වා, චාමික කරුණාරත්න එක් කඩුල්ල බැඟින් බිඳහෙළීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 15 වන පන්දුවාරයේදී කඩුලු 1 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර ගියා.

පන්දුවට පහරදීමේදී ධනජය ද සිල්වා ලකුණු 31 ක්, කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 68 ක් හා චරිත් අසලංක ලකුණු 30 ක් ලබා ගත්තා.‍ෙ

මෙවර T20 ලෝක කුසලාන සුපිරි 12 දෙනාගේ වටයේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානය හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු 2 ක් සහ දළ ලකුණු ලබා ගැනීමේ වේගය +2.467 ක් ලෙස ලබාගෙන සිටිනවා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here