ලිට්රෝ තවත් බහී!

0
698

ලබන මස මුල් සතියේ සිට ගෑස් මිල තවදුරටත් පහළ දැමීමට හැකි බව ලිට්රෝ සමාගම පවසනවා. එහි සභාපති මුදිත පීරිස් පැවසුවේ මේවනවිට ලෝක වෙළදපොළේ ගෑස් මිල අඩුවීමේ ප්‍රවණතාවයක් දක්නට ලැබෙන බැවින් එම වාසිය මහජනතාව වෙත ලබාදීමට කටයුතු කරන බවයි.

එමෙන්ම ලෝක බැංකුවෙන් මෙරටට ලැබුණු ඩොලර් මිලියන 70 ක මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලිට්රෝ සමාගම ලබාගෙන තිබෙනවා. ණය මුදලක් ලෙස ලබාගත් මෙය පසුගිය කාලය තුළ ගෑස් ආනයනය කිරීම සදහා යොදාගත්තා. එය නැවත පියවීමට කටයුතු කර ඇති බවත් සඳහන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here