ඇමරිකානු ඉන්දීය සබඳතාවල වර්ධනයක්

0
336

නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති ලෙස බලයට පත් වූ දා සිට ගතවූ පසුගිය වසර අට තුළ ඉන්දියාවේ එක්සත් ජනපද ප්‍රතිපත්තිය බොහෝ දුරට ධනාත්මක ලෙස වර්ධනය වී ඇති බව විදෙස් විචාරකයෝ පවසති.

වොෂින්ටනයේ විල්සන් මධ්‍යස්ථානයේ දකුණු ආසියානු ආයතන අධ්‍යක්ෂ ආචාර්ය මයිකල් කුගල්මන් සදහන් කර ඇත්තේ, එක්සත් ජනපදය සම්බන්ධයෙන් ඉන්දීය ප්‍රතිපත්තිය වෙන කවරදාටත් වඩා ශක්තිමත් වී ඇති බවයි.

දෙරට සමඟ සබඳතා ශක්තිමත් කිරීම සඳහා කටයුතු කිරීමේදී මෝදී අන් නායකයන්ට වඩා ඉදිරියෙන් සිටින බව ඔහු පෙන්වා දී තිබේ.

1990 දශකයේ මුල් භාගයේ සිට සහ විශේෂයෙන්ම 2000 දශකයේ මුල් භාගයේ සිට එක්සත් ජනපද-ඉන්දියා සබඳතාව සීග්‍ර ලෙස වර්ධනය වෙමින් පැවති නමුත්, අවිධිමත් වීසා තහනම හේතුවෙන් මෝදි බලයට පත් වූ විට එම ප්‍රශ්නවලට මුහුණ දීමට සිදු විය.

කෙසේවෙතත් මේ වන විට එම තත්වය පාලනය වී ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here