තලේබාන් පාලකයන්ට ඉස්ලාම් පූජකවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

0
343
Members of a Taliban delegation, led by chief negotiator Mullah Abdul Ghani Baradar (C, front), leave after peace talks with Afghan senior politicians in Moscow, Russia May 30, 2019. REUTERS/Evgenia Novozhenina

ඇෆ්ගනිස්ථානයේ සර්වපාර්ශ්වික ආණ්ඩුවක් පිහිටුවන ලෙසට මසාර්-ඊ-ෂරීෆ්හි ඉස්ලාමීය පූජකවරුන් ත‍ලේබාන් සංවිධානයෙන් ඉල්ලීමක් කර තිබේ.

සියලුම ගෝත්‍රිකයන් රජයට ඇතුළත් කළ යුතු බව පවසමින් කාබුල්හි ඉරාන තානාපති කාර්යාලය භාර නිලධාරීන් ද සහභාගී වූ රැස්වීමකදී පූජකවරුන් ප්‍රකාශ කළ බව ටොලෝ පුවත් වාර්තා කළේය.

පශ්තුන්, උස්බෙක්, ටජික් හෝ හසාරා හෝ වෙනත් ඕනෑම ගෝත්‍රයක් වේවා, ඔවුන්ගේ දායකත්වය ආණ්ඩුව සදහා ලබාගත යුතු බව පූජකයෙකු වන මුබාලිග් එහිදී පවසා තිබේ.

මීට පෙර, තලේබාන් සංවිධානය තම රජයට සියල්ලන් ඇතුළත් වන බවත්, එවැනි රජයක් පිහිටුවීම සඳහා විදේශ රටවලින් කරන ඉල්ලීම් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමක් බවත් ප්‍රකාශ කළ බව ටොලෝ පුවත් වාර්තා කළේය.

ඇෆ්ගනිස්තානයේ දැනට පවතින අභියෝග අවසන් කිරීමට සර්වපාර්ශ්වික රජයක් පිහිටුවීම මාර්ගයක් විය හැකි බව ඇෆ්ගනිස්ථාන විශේෂඥයින් කිහිප දෙනෙක් ප්‍රකාශ කර තිබේ.

තලේබාන් රජය පිළිගැනීමට පෙර ජාත්‍යන්තර ප්‍රජාව අවම වශයෙන් කොන්දේසි හතරක් දක්වා ඇති අතර සර්වපාර්ශ්වික රජයක් පිහිටුවීම, කාන්තාවන්ගේ සහ ගැහැණු ළමයින්ගේ සහ අනෙකුත් සුළු ජාතීන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීම මෙන්ම ඇෆ්ගනිස්ථානය කැරලිකාර කණ්ඩායම් සඳහා තෝතැන්නක් නොවීම ඒ අතර වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here