සයිටම් ජනසතු කරන තුරු අරගල – නලින්ද හේරත් පවසයි

0
348

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හා නෙවිල් ප්‍රනාන්දු රෝහල ජනසතු කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

එයින් මෙපිට කිසිදු විසඳුමක් සඳහා තම සංගමය හෝ ශිෂ්‍ය ව්‍යාපාරය සූදානම් නැති බවත්,එය ඉටුකරනතුරු ඒ වෙනුවෙන් අරගල කරන බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි.

කෙසේ වෙතත් ඊයේ දිනයේ තම සංගමයේ නියෝජිතයින් පිරිසක් හමුවීමෙන් පසු අධ්‍යාපන අමාත්‍යවරයා විසින් ලබාදුන් පොරොන්දුවක් හේතුවෙන් අද දවසේ පවත්වන්නට නියමිතව පැවති වැඩවර්ජනය තාවකාලිකව අත්හිටවූ බවද ඔහු කියා සිටියේ අද(27)කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

වෛද්‍යවරුන් පිරිසකගේ දරුවන්ට පාසල් ලබාගැනීමේ පවතින දුෂ්කරතාවන්ට විසඳුම් ලබාදී ඔවුන්ට පාසලක් ලබාදෙන ලෙස ඉල්ලා වැඩවර්ජනය දියත් කිරීමට සැලසුම් කර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here