රුපියල යළිත් ඉහළට..උද්ධමනය පහළට..

0
729
essential goods

කොළඹ පාරිභෝගික මිල දර්ශකය අනුව සැප්තැම්බර් මාසය සඳහා මෙරට උද්ධමනය 66%ක් දක්වා පහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. 

 පසුගිය ඔක්තෝම්බර් මස මෙරට උද්ධමනය සටහන් වූයේ 69.8%ක් ලෙසිනි.

එසේම මෙරට ආහාර උද්ධමනය ද සැප්තැම්බර් මාසයේදී 85.6%ක් දක්වා පහළගොස් ඇති බවත් එම නිවේදනයේ සඳහන් වෙයි.

ඔක්තෝම්බර් මාසයේ මෙරට ආහාර උද්ධමනය සටහන් වූයේ 94.9%ක් ලෙසය.

එක්සත් ජනපද ඩොලරය ඇතුළු විදේශ මුදල් වර්ග කිහිපයකට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වාර්තා කරයි.

ඩොලරයේ විකුණුම් අගය රු. 371.21 සිකුරාදා මිල රු. 371. 22. කෙසේ වෙතත්, පසුගිය සතියට (28) සාපේක්ෂව ස්ටර්ලින් පවුමට සාපේක්ෂව රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here