ඇයි රත්තරං මෙහෙම වෙන්නේ?

0
330

පසුගිය මාර්තු මාසයෙන් පසුව මෙරට රන් මිලෙහි සීඝ්‍ර වෙනස්කමක් මෙම සතිය තුළ සිදුවෙමින් පවතින බව කොළඹ, හෙට්ටිවීදියේ රන් ආභරණ වෙළදසැල් හිමියන් ප්‍රකාශ කර සිටිනවා.

අද දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 156,400 ක් වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 169,000ක් ලෙසයි වාර්තා වුයේ.

ඊයේ දිනයට සාපේක්ෂව කැරට් 22 රන් පවුමක මිල රුපියල් 1,100 කින්ද, කැරට් 24 රන් පවුමක මිල රුපියල් දහසකින් පහත බැස ඇත.

ඊයේ දිනයේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 157,500ක් ලෙස වාර්තා වූ අතර කැරට් 24 රන් පවුමක මිල රු. 170,000ක් ලෙස වාර්තා වුණා.

පසුගිය සතියේ දී කැරට් 22 රන් පවුමක මිල රු. 161,000ක් ලෙස සහ කැරට් 24 රන් පවුමක මිල රු. 175,000ක් ලෙස වාර්තා වූ බවයි රන් ආභරණ වෙළඳසැල් හිමියන් සඳහන් කළේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here