Monday, September 23, 2024

අධිකරණ අණ නොතකන්නන්ට නීතිය තදින්ම – පොලිස්පති

අධිකරණ  නියෝග නොතකා ක්‍රියා කරන සියලුදෙනාට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

නිවේදනයක් නිකුත්කරමින් පොලිස්පතිවරයා පෙන්වාදෙන්නේ විවිධ දේශපාලන පක්ෂ විසින් පා ගමන් සහ සාමාජික ප්‍රවර්ධන කටයුතු සූදානම් කර ඇති අතර එකී ක්‍රියාකාරකම් වළක්වාලමින් මහනුවර සහ මාවනැල්ල අධිකරණ විසින් නියෝග නිකුත් කර ඇති බවයි.

දේශපාලන පාර්ශවයන් විසින් ආරම්භ කිරීමට සූදානම් කර ඇතැයි කියන පා ගමන් සහ වෙනත් දේශපාලන ක්‍රියාකාරකම් හේතුවෙන් කලහකාරී තත්වයන් ඇතිවිය හැකි බව පොලිස්පතිවරයා පෙන්වාදෙයි.

මෙම දේශපාලන ක්‍රියාවලියට සම්බන්ධ අය විසින් කලහකාරී ක්‍රියා ඇති කිරීමට ඉඩ ඇති බැවින් මේ පිළිබඳ විමසිල්ලෙන් සිටින ලෙස පොලිස්පතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles