ලංකාවේ අතුරුදහන්වූවන් ගැන රතු කුරුසය හෙලි කරයි.

0
502

අලුත්ම රතුකුරුස වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව තුළ ආරක්‍ෂක හමුදා භටයන් 5100 ක්‌ ඇතුළු සිවිල් වැසියන් 16000 ක්‌ අතුරුදන් වී ඇත. 2014 ඔක්‌තෝම්බර් සිට 2015 නොවැම්බර් අතර සමයේදී මෙම සමීක්ෂණය එම සංවිධානය විසින් කර ඇත.

අතුරුදන් වූවන්ගේ පවුල්වලින් 36%ක්‌, අතුරුදන් වූවන් මියගොස්‌ ඇතැයි විශ්වාස කරන අතර 21%ක්‌ අතුරුදන්වූවන් ජීවතුන් අතර සිටින බවත් විශ්වාස කරන බවට මෙම සමීක්ෂණයේදි ප්‍රකාශ වී ඇත.

රතුකුරුස සංවිධානය රජයෙන් ඉල්ලා සිටින්නේ, මේ අතුරුදන් වූවන්ට සිදුවූයේ කුමක්‌දැයි සොයා බලන ලෙසයි. මුලතිව් හමුදා කඳවුරේ සිටි හමුදා භටයන් 600 ක්‌ පමණ කොටි ත්‍රස්‌තයන් ඝාතනය කර තිබූ බව ආරක්‍ෂක ආරංචිමාර්ග සඳහන් කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here