Tuesday, September 24, 2024

පළමු තරගය දෙපිළට දෝලනය වෙයි..

ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පළමු ටෙස්ට් තරඟය මේ වන විට ක්‍රියාත්මකයි. පළමුව පන්ඳුවට පහර දුන් ලංකා කණ්ඩායම පළමු ඉණිම සඳහා සියල්ල දැවී ලබා ගත්තේ ලකුණු 117ක් පමණයි. පළමු දිනය අවසානයේ ඔස්ට්‍රේලියාව් ලකුණු 62ක් ලබා ගෙන සිටියා.

ඊයේ තම පළමු ඉණිම නැවත ඇරඹූ ඕස්ට්‍රේලියාව සියල්ල දැවී ලකුණු 203ක් ලබා ගත්තා. ඕස්ට්‍රේලියාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් ලබා ගත්තේ වෝගස් ය. ඔහු ලකුණු 47ක් ලබා ගත්තා. පන්ඳු යැවීමේදී හේරත් හා සඳකැන් කඩුළු 4 බැඟින් ලබා ගත්තා.

තම දෙවැනි ඉණිම ඇරබීමට පිටියට පිවිසි ලංකා කණ්ඩායම ඊයේ දිනය අවසානයේ එක් කඩුල්ලක් දැවී ලකුණු 6ක් ලබා සිටියා. වර්ෂාව නිසා තරඟය නවතා දැමීමට සිදුවුණා. අද තරඟයේ තෙවැනි දිනයයි.

Sri Lanka vs Australia – 1st Test match

article_img02

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles