ණය පොලී අනුපාත වැඩි වී බැංකුවල ජරමර…

0
552

පසුගිය දිනවල සිදුවූ බැංකු පොලී අනුපාත වෙනස් වීමට සාපේක්ෂව ණය පොලී අනුපාත ඉහළ යාම නිසා එය කිසිසේත් දරාගත නොහැකි බවට පාරිභෝගිකයෝ මැසිවිලි නගති. ඉතුරුම් පොලී අනුපාත 32% මට්ටමට ඉහළ යාමට සාපෙක්ෂව මෙසේ ණය වාරික මත පණවා ඇති පොලී අනුපාත ඉහළ ගොස් තිබුණි.

ඒ වෙනුවෙන් ලබාගත් ණය සදහා බැංකු පොලී අනුපාත ඉහළ දැමීම හේතුවෙන් පීඩාවට පත්වූවන්ට සහන සැලසීමට බැංකුවලට උපදෙස් ලබා දී ඇති බව මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා. එලෙස අපහසුතාවට පත්වූ ගණුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර සහනයක් ලබා ගත හැකි බවයි මහ බැංකු අධිපතිවරයා පැවසුවේ.

මුදල් රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය සහ  ශෙහාන් සේමසිංහගේ  ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී පැවති මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී මහබැංකු අධිපතිවරයා මේ බව පැවසුවා.

පොලී අනුපාතිකය වැඩිවීම නිසා ඇතැම් ණය හිමියන්ගේ මුලු වැටුපම ණය වාරික සදහා ගෙවීමට සිදුව ඇති බවයි මන්ත්‍රීවරුන් එහිදී පෙන්වා දී ඇත්තේ. ඊට ප්‍රතිචාර දක්වමින් මහබැංකු අධිපතිවරයා පැවසුවේ ගනුදෙනුකරුවන්ට බැංකුව සමග සාකච්ඡා කර යම් සහන කාලයක් සදහා අදාළ පොලිය පමණක් ගෙවීමට හැකි බවයි.

ඒ පිළිබදව බැංකුවලට උපදෙස් මේ වන විට ලබා දී ඇති බවද මහබැංකු අධිපතිවරයා මන්ත්‍රීවරුන් හමුවේ ප්‍රකාශ කළ බවයි පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here