ජා. හැඳුනුම්පත හදාගන්න පරක්කු කරොත් දඩ!

0
1183

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත යටතේ ගැනෙන වැරදි සමතයකට පත් කිරීම සඳහා අය කරන දඩ මුදල් සංශෝධනය කර තිබේ. ඒ අනුව වයස අවුරුදු 15 ට එළඹෙන දින සිට අවුරුද්දක් ඇතුළත ජාතික හැඳුනුම්පත ලබානොගත් ඉල්ලුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 කි.

දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් හේතුවෙන් පළමු ඉල්ලුම් පත්‍රයට ජාතික හැඳුනුම්පතක් නිකුත් කිරීම ප්‍රමාද වීමෙන් දෙවැනි වරට ඉල්ලුම් පත් ඉදිරිපත් කර ඇති අයැදුම්කරුවන්ගෙන් අය කෙරෙන ගාස්තුව රුපියල් 250 ක් වේ.

දෙපාර්තමේන්තු ප්‍රමාද දෝෂයක් නොමැති අවස්ථාවලදී මුල් වරට ජාතික හැඳුනුම්පතක් ලබා නොගත් අයැදුම්කරුවන්ගෙන් රුපියල් 2,500ක් අය කර ගන්නා බව පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ ය.

ද්විත්ව පුරවැසි සහතිකය නිකුත් කළ දින සිට මාස 6 ක් ඉකුත් වීමට පෙර ජාතික හැඳුනුම්පත ලබා ගැනීම සඳහා ඉල්ලුම් නොකළ අයදුම්කරුවන්ගෙන් අය කෙරෙන දඩ මුදල රුපියල් 2,500 කි.

ව්‍යාජ ලේඛන සහ අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීම ඇතුළු පනතේ සඳහන් අනෙකුත් වැරදි සඳහා ද රුපියල් 2,500 ක දඩ මුදලක් අය කර ගනු ඇති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here