ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ ටොම් පච!

0
782

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව උද්ධමනය පිළිබඳ ඉදිරිපත් කර ඇති දත්ත වාර්තා සම්පූර්ණ ප්‍රබන්ධයක් බව ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්ක් මහතා පවසයි.

ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 66 ක් බව පැවසුවත් ශ්‍රී ලංකාවේ සැබෑ උද්ධමනය සියයට 115 ක් බව ස්ටීව් හැන්ක් මහතා පෙන්වා දෙයි.

එදිනෙදා පාරිභෝගික ද්‍රව්‍ය වල මිල තුන්ගුණයකට වඩා ඉහළ යාමත් ආනයනික භාණ්ඩ මත පණවා ඇති බදු නිසා එම භාණ්ඩ වල මිල පස්ගුණයකින් වැඩිවීමත් සමග උද්ධමනය ඉලක්කම් දෙකක අගයක් මත පවතින්නේ කෙසේදැයි ආර්ථික විද්‍යාඥයෝ ප්‍රශ්න කරති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here