ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලශක්ති, වෙළඳාම, ආරක්ෂක සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳව සාකච්ඡා

0
298

ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය පසුගියදා බලශක්ති, වෙළඳාම, ආරක්ෂක සහ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ පුළුල් සාකච්ඡා මෙන්ම කලාපීය හා ගෝලීය ගැටළු පිළිබඳ අදහස් හුවමාරු කර ගත් බව වාර්තා වේ.

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ විදේශ අමාත්‍ය එස් ජයශංකර් නවදිල්ලියේ දී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ ඇමති ෂීක් අබ්දුල්ලා බින් සයීඩ් අල්-නහ්යන් හමුවූ බවයි.

2022 සැප්තැම්බර් මාසයේ පැවති 14 වැනි ඒකාබද්ධ කොමිෂන් සභා රැස්වීමේ සිට විවිධ රැස්වීම් හරහා ද්විපාර්ශ්වික සබඳතාවල අඛණ්ඩ ප්‍රගතිය ඔවුන් මෙහිදී සමාලෝචනය කළ බව සදහන් වේ.

වෙළඳාම, ආයෝජන, කොන්සියුලර් කටයුතු, අධ්‍යාපනය සහ ආහාර සුරක්ෂිතතාව යන අංශවල ද්විපාර්ශ්වික සබඳතාවල ප්‍රගතිය මෙන්ම දෙරට අතර ඓතිහාසික සබඳතා ශක්තිමත් කර ගැනීමේ මාර්ග පිළිබඳව අමාත්‍යවරුන් දෙදෙනා සාකච්ඡා කළ බව පැවසේ.

මීට අමතරව වෙළෙඳ සහ ආර්ථික ද්විපාර්ශ්වික සබඳතා වර්ධනය කර ගැනීමේ අපේක්ෂාවන් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

2022 දී දෙරට අතර අත්සන් කරන ලද විස්තීරණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම (CEPA) සැලකිල්ලට ගනිමින් මෙම සාකච්ඡා පැවැත්විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here