Sunday, September 22, 2024

නාමල් වහාම අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් නියෝග..

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇතුළු හයදෙනෙකු වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පිරිස් මහතා අද කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කර තිඛෙනවා.
ගවර්ස් කෝපරේෂන් සමාගමේ සභාපතිවරයා බව කියන නාමල් රාජපක්ෂ ‘හෙලෝ කෝප්’ ආයතනයෙන් රුපියල් දස ලක්ෂ එකසිය විසිපහක කොටස් මිලට ගෙන ඇතැයි ද ඒ සඳහා ඔහුට මුදල් ලැබුණු ආකාරය සැක සහිත යැයි ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ සදහන් කළා.
නාමල් රාජපක්ෂ මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් කර ඇති හෙයින් ඔහු ඇතුළු හය දෙනෙකුට චෝදනා ගොනු කිරිමට සාක්කි තිබෙන ඇති බවත් නිතිපති උපදෙස් දී ලබාදී ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනුම් දුන්නා. ඒ අනුව නාමල් රාජපක්ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්නැයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිඛෙනවා.
දෙවැනි සැකකරු වන ඉන්දික ප්‍රභාත් කරුණාධීර රටින් පැන ගොස් ඇතැයි මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අනාවරණ කර තිඛෙනවා.ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනය ඇතුළත් වරෙන්තුවක් නිකුත් කළ බවයි වාර්තාවන්නේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles