කොවිඩ් විරෝධතා අවසන් කිරීම සඳහා චීනයෙන් දැඩි ක්‍රියාමාර්ග

0
293
People gather for a vigil and hold white sheets of paper in protest over coronavirus disease (COVID-19) restrictions, during a commemoration of the victims of a fire in Urumqi, as outbreaks of COVID-19 continue, in Beijing, China, November 27, 2022. REUTERS/Thomas Peter - RC2KUX9XDLW1

ශුන්‍ය කොවිඩ් ප්‍රතිපත්තියට එරෙහිව චීනයේ පවතින විරෝධතා ගෝලීය අවධානයට ලක්වීමෙන් පසු, එරට ආරක්ෂක අංශ පෙළපාලි නැවැත්වීමට වීදිවල මුර සංචාර වැඩි කරමින් සහ විරෝධතාකරුවන්ගේ ජංගම දුරකථන පරීක්ෂා කරමින් දැඩි ක්‍රියාමාර්ග ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය දිනවල, චීනයේ ප්‍රදේශ කිහිපයක පෙලපාලිකරුවන් විශාල සංඛ්‍යාවක් එක්රැස් වී කොමියුනිස්ට් පක්ෂයේ දැඩි ශුන්‍ය-කොවිඩ් ප්‍රතිපත්තියට විරෝධය දැක්වූ අතර විරෝධතාකරුවන් බිය ගැන්වීමට සමහර ස්ථානවල පොලිසිය නිරීක්ෂණ ක්‍රම භාවිතා කර තිබිණ.

චීනයේ ඇතැම් ප්‍රදේශවල, විශාල වශයෙන් පොලිසිය පැමිණීම හේතුවෙන් විරෝධතා පහව ගොස් තිබූ නමුත් ෂැංහයි හි විශාල පෙලපාලි දක්නට ලැබිණ.

එහිදී පෙළපාලිකරුවන් චීන ජනාධිපති ෂී නෙරපා හරින ලෙස ඉල්ලා අඛණ්ඩව රාත්‍රි දෙකක් විරෝධතා දැක්වූ බව ද සදහන් විය.

දහස් ගනනක් විරෝධතාකරුවන් ෂැංහයි හි වීදිවලට පැමිණි අතර, බීජිං සහ නැන්ජිං විශ්ව විද්‍යාලවල සිසුන් ද විරෝධතාවලට එක්ව සිටි බව විදෙස් වාර්තා පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here