පළාත් පාලන ඡන්දයට කටයුතු සැලසේ…

0
347

පළාත් පාලන ආයතන ඡන්ද වීමසීමේ නාමයෝජනා කැඳවීමේ දැන්වීම් දෙසැම්බර් මස අවසන් සතියේ ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබේ.

පළාත් පාලන ඡන්ද විමසීමේ පනතට අනුව මාර්තු මස 20 වැනිදා මැතිවරණය පැවැත්වීමට නම්, ජනවාරි මස 05 වැනිදාට පෙර ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කළ යුතුයි.

එබැවින් ඉදිරි මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා වට කිහිපයක් පවත්තා ඇති අතර, ඉදිරි දිනවලදීත් ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here