තැපෑල අද නිවාඩු!

0
293

ඒකාබද්ධ තැපැල් වෘත්තිය පෙරමුණ ඊයේ (11) පස්වරු 4.00 සිට හෙට (12) මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංකේත වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන්නේ යැයි දැනුම්දී ඇති බවත් සේවය පවත්වාගෙන යෑම සඳහා තැපැල් දෙපාර්තමේන්තුවේ සියලුම කාර්ය මණ්ඩලවල නිවාඩු අවලංගු කර ඇති බවත් තැපැල්පති රංජිත් ආරියරත්න මහතා ඊයේ(11) පස්වරුවේ පැවසීය.

තැපැල් දෙපාර්තමේන්තුවේ පාලන කාර්යාලයන්හි නිලධාරීන්ට පැය 240 ක උපරිම අතිකාල දීම ඇතුළු කරුණු කීපයක් මුල්කරගනිමින් මෙම වැඩවර්ජනය ආරම්භ කර ඇති බව කී ආරියරත්න මහතා අතිකාල ප්‍රශ්නය ඇතුළු සියලුම ඉල්ලීම්වලට සාධනීය විසඳුම් ලබාදී ඇති බව ද සඳහන් කළේය.

සේවය පවත්වාගෙන යෑම සදඟා සියලුම සේවකයන්ට සේවයට වාර්තා කරන ලෙස දැනුම්දී ඇති බව ද ආරියරත්න මහතා දුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here