ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයාගේ කාශ්මීර සංචාරයට ඉන්දියාවේ විරෝධය

0
285

ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම් Hissein Brahim Taha පකිස්තාන පාලනයේ ඇති කාශ්මීරයට පැමිණීම සහ ජම්මු හා කාශ්මීරය පිළිබඳ ඔහුගේ අදහස් දැක්වීම ඉන්දියාව දැඩි ලෙස හෙළා දැක තිබේ.

කාශ්මීර කලාපය කලාපයට අදාළ කාරණා සම්බන්ධයෙන් එම කණ්ඩායමට කිසිදු ස්ථාවරයක් නොමැති බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක Arindam Bagchi සදහන් කර ඇත.

එමෙන්ම ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයේ මහලේකම්වරයා විසින් ඉන්දියාවේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගැසීමට සහ මැදිහත් වීමට ගන්නා ඕනෑම උත්සාහයක් සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි බව ද ඔහු අවධාරණය කර ඇත.

පවතින ගැටළුකාරී තත්ත්වයන් සම්බන්ධයෙන් වාර්ගික, පක්ෂග්‍රාහී සහ සත්‍ය වශයෙන්ම වැරදි ප්‍රවේශයක් ගැනීම හේතුවෙන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය දැනටමත් එහි විශ්වාසනීයත්වය අහිමි කර ගෙන ඇති බව ද ඉන්දියාව පෙන්වා දෙයි.

එමෙන්ම ජම්මු සහ කාශ්මීරය තුළ දේශසීමා ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමේ පකිස්ථානයේ නින්දිත න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමේ හවුල්කරුවෙකු වීමෙන් ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය වැළකී සිටිනු ඇතැයි අපේක්ෂා කරන බව ද ඉන්දියාව අවධාරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here