Sunday, September 22, 2024

වාහන නීත්‍යානුකූලව පැවරීමට සැප්තැම්බර් 01 සිට සහන කාලයක්

වාහන නීත්‍යානුකූලව පැවරීම සඳහා සැප්තැම්බර් පළමු වන දා සිට සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

මෝටර් රථ කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා සඳහන් කළේ, මුල් අයිතිකරුගෙන් දැනට වාහනය පවරා නොගෙන බොහෝ දෙනෙකු වාහන ධාවනය කරන බව ය.

ඒ හේතුවෙන් යම් වංචාවක් සිදු වුවහොත් වාහනයේ මුල් අයිතිකරු සොයා ගැනීමට අපහසු වී ඇති බව ද කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දෙයි.

කොමසාරිස්වරයා සඳහන් කළේ, ආදායම් බදු ගෙවීම් පැහැර හැරීම් වැනි දෑ සඳහා වාහන මුල් අයිතිකරුගෙන් මිලට ගත් පුද්ගලයින් තම නමට වාහනය පවරා නොගන්නා බව ය.

එවැනි වාහන සඳහා ලබන සැප්තැම්බර් 1 වන දා සිට දෙසැම්බර් පළමු වන දා දක්වා සහන කාලයක් ලබා දීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.

එසේ පවරා නොගන්නා වාහන ඉදිරියේදී අත්අඩංගුවට ගන්නා බව ද කොමසාරිස්වරයා සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles