Sunday, September 22, 2024

නව මැතිවරණ ක්‍රමය දැනුවත් කිරීම සමාජ ජාල හරහා..

ශ්‍රීලාංකීය තරුණ ප්‍රජාව මැතිවරණ ක්‍රමය පිළිබඳ ව දැනුවත් කිරීම සඳහා මැතිවරණ කොමිසම, සමස්ත ලංකා යෞවන සමාජ සම්මේලනය හා තරුණ සංවිධානයන් සමඟ එක්වී සමාජ ජාල වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි මැතිවරණ කොමිසන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (28) මැතිවරණ කොමිසන් සභාවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
මෙම වැඩසටහනෙහි අරමුණ දේශපාලඥයන් බිහිකිරීම නොව මැතිවරණය සම්බන්ධයෙන් ඇති අකමැත්ත හා පිළිකුල නැති කොට සෑම දෙනා වෙතම ඡන්ද අයිතිය ලබාදීම අරමුණ බවත් පෙන්වාදුන් සභාපතිවරයා තරුණ ප්‍රජාව දැනුම්වත් කිරීමේ කටයුත්ත සමාජ ජාල හරහා පමණක් නොව පුවත්පත් මාර්ගයෙන් ද සිදු කිරීමට නියමිත බවත් පැවසීය.
මෙම වැඩසටහන ලෝක තරුණ දිනය යෙදෙන අගෝස්තු 12දා ගාල්ල දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බවත් එදින සරුංගල් තරගයක් හා සමුළුවක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් මෙහිදී අඳහස් දැක්වූ සහකාර මැතිවරණ කොමසාරිස් නාලක රත්නායක මහතා පැවසීය.
තරුණ එකමුතුවෙන් සාදාගත් ජාලයක් හරහා මැතිවරණය සම්බන්ධයෙන් තරුණ ප්‍රජාව තුළ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේ කටයුත්තක් ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පළමු වරට බවත් මෙහිදී රත්නායක මහතා ප්‍රකාශ කර සිටියේය.
මෙම සැලසුම ක්‍රියාත්මක වන්නා වූ අගෝස්තු 05දා සිට 12දා දක්වා #YOUTHVOTESL සමාජ ජාල වෙබි පිටුවට කිසිදු දේශපාලන පක්ෂයක් මතවාදයක් ඉස්මතු නොවන ආකාරයේ ඡායාරූප සහ වීඩියෝ එකතු කළ හැකි බව මෙහි කැඳවුම්කරු කෞෂල්‍යා රාජපක්ෂ මෙනවිය ප්‍රකාශ කළාය.
මේ පිළිබඳ ව වැඩිදුර තොරතුරු Election Commission of Sri Lanka ෆේස් බුක් පිටුවෙන් ද, [email protected] විද්‍යුත් තැපැල් ලිපිනයෙන් ද 0718 458 970 (නාලක රත්නායක මහතා) හෝ 0717 346 160 ( කුෂ්ලානි විමලතුංග මහත්මිය) ඇමතීමෙන් ලබාගත හැකිය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles