ආදර්ශා කරඳන අපේක්ෂිත ඇප සොයයි…

0
371

මහාචාර්ය ආශු මාරසිංහ මහතාගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලීම අදාළව කරුණු ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයාට ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද (03) සිතාසි නිකුත් කළේය.

මහාචාර්ය ආශු මාරසිංහ මහතා විසින් ඉකුත් නොවැම්බර් මස 24 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරනු ලැබූ පැමිණීල්ලකට අදාළව එම දොර්තමේන්තුව තමන් අත්අඩංගුවට ගැනීමේ සුදානමක් පවතින බැවින් ඒ සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලා පැමිණීලිකාර කරදගමරාලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය ඉදිරිපත් කළ අපේක්ෂිත ඇප ඉල්ලිම අදාළව කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා සහ එහි විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවන් කරමින් ඉදිරිපත් කර තිබූ මෙම අපෙක්ෂිත ඇප ඉල්ලීම, කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය වෙනුවෙන් නිතීඥ සුදත් වික්‍රමරත්න මහතා විසින් අධිකරණය හමුවේ ගොනුකරනු ලැබ තිබිණී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here