තුර්කි තානාපතිවරයාට උයිගර් ප්‍රදේශයට යෑමට චීනයෙන් අවසර නෑ

0
286

වයඹ දිග චීනයේ ෂින්ජියැන්ග් පළාතේ උයිගර් කලාපයට පැමිණීමට චීනයේ තුර්කි තානාපතිවරයාට අවසර දීම චීනය ප්‍රතික්ෂේප කර ඇති බව තුර්කි විදේශ ඇමැති මෙව්ලට් කැව්සෝග්ලු අනාවරණය කර තිබේ.

එමගින් රටවල් දෙක අතර සබඳතා පළුදු වී ඇති බව පිළිගැනීමට සිදුව ඇති බව ජනමාධ්‍ය වාර්තා කරයි.

තුර්කියේ අන්කාරා අගනුවර ජනමාධ්‍ය හමුවක් පවත්වමින් කැව්සෝග්ලු පැවසුවේ, තුර්කියේ මානුෂීය නියෝජිත පිරිසකට ෂින්ජියැන්ග් පළාතට පැමිණ පරීක්ෂා කළ හැකි බව චීන රජය මීට පෙර ප්‍රකාශ කළ බවයි.

කැව්සෝග්ලු උපුටා දක්වමින් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත්තේ, තුර්කිය උයිගර් කලාපයේ සුළුතර ජන කණ්ඩායම් මුහුණදෙන ප්‍රශ්නය සම්බන්ධයෙන් සිය ආකල්පයෙන් චීනය කැළඹීම හේතුවෙන් මෙලෙස තුර්කි-චීන සබඳතා බිද වැටෙමින් පවතින බවයි.

විදේශ ඇමතිවරයා පෙන්වාදී ඇත්තේ තුර්කියට චීනය සමඟ සහයෝගීතාව විනිවිදභාවයෙන් යුතුව පවත්වාගෙන යෑමට අවශ්‍ය බවයි. 

තුර්කියට චීනයේ ප්‍රචාරණයේ මෙවලමක් විය යුතු නැති බවත් පෙන්වාදෙන විදේශ ඇමතිවරයා, තුර්කිය මෙය දේශපාලන ප්‍රශ්නයක් ලෙස නොදකින බවත් ඔවුන් නිශ්චිතවම චීන විරෝධීන් නොවන බවත් වැඩිදුරටත් සඳහන් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here