Tuesday, November 26, 2024

කඳුළු ගෑස් අරන් කැලණි පාලමට එන්නැයි පොලීසියට ගම්මන්පිල කියයි

කොළඹට ඇතුලුවීමට එන ඒකාබද්ධ විපක්ෂයේ පා ගමන වැලැක්වීඹ සදහා හැකිනම් රටේම ඇති කදුළු ගෑස් ගෙන කැලණි පාලම අසලට එන්නැයි පොලිසියෙන් ඉල්ලා සිටින බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ නෙලුම්දෙණියේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

‘අපි හිතුවේ අද සිකුරාදා නිසා අඩුම සෙනග ඉන්න දවස කියලයි. නමුත් අද අති විශාල පිරිසක් සහභාගී වුණා. ආණ්ඩුව මේ සෙනග දැකලා උණ හැදිලා. අපි කොළඹට එන දවසට ලංකාවෙම තියෙන කදුළු ගෑස් පෑලියගොඩ පාලම ළගට අරගෙන වරෙල්ලා. ලංකාවෙම තියෙන උණ්ඩ අරගෙන වරෙල්ලා. ඒත් අපි කොළඹට ඇතුළු වෙන එක නවත්වන්න ආණ්ඩුවට බෑ.’

‘පළවෙනි දවස් දෙකේ උසාවි නියෝග දෙකක් ගත්තා. ඉන් පසු අධිකරණය තහනම් නියෝග ලබා දුන්නේ නෑ. කොළ පාට පොලිසිය ඉදිරි දිනවලදී තවත් නියෝග ගන්න එයි අධිකරණවලට. අපි කියන්න කැමති අධිකරණයට එවිට බලන්න කවුද මුලින් සංවිධානය කළේ කියලා. මුලින් සංවිධානය කළ අයට ඉඩ දීලා නෙක් අයට තහනම් නියෝග දෙන්න.’

‘පොලිස්පතිට කියන්නේ ඔබ අනාතයි, අජූතයි, කුජීතයි. අපි කියනවා පොලිස්පතිට ඔබ කොළ තොප්පියක් දාගෙන සිරිකොතේ සිකියුරිටියට යන්න කියලා. එජාපය පොලිස්පති කළ උදව් හැටියට ඡන්දේ ඉල්ලුවොත් යූන්පීකාරයන් ඉහළින්ම දෙයි.’

‘පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් නිර්මාණය කර ගත්තට ජනතාවගේ තුනෙන් දෙකක් ඉන්නේ මහින්ද මහත්තයා ළගයි. මේ ආණ්ඩුව ඉන්දියාවේ සහ ඇමෙරිකාවේ රූකඩයක් බවට පත් වෙනලා. මේ පින් බිම ඉන්දියාවට සහ ඇමෙරිකාවට පවරා දෙන්න ජනතාව ඉඩ දෙන්නේ නෑ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles