භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ට ශ්‍රී ලංකාවේ සහාය!

0
350

තුර්කියේ ගිණිකොන දිග ප්‍රදේශයට බලපෑ මැග්නිටියුඩ් ඒකක 7 යි දශම 8 ප්‍රබල භූ කම්පනයෙන් විපතට පත් පුද්ගලයින් මුදා ගැනීම ක්‍රියාත්මක කර ඇති සහන සේවා කටයුතු සඳහා ශ්‍රි ලංකාවෙන් ද පිරිසක් එරට බලා පිටත් කර හැරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ හෝ ආරක්ෂක අංශයේ 300 ක පමණ පිරිසක් තුර්කිය වෙත පිටත්කර හැරීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ සඳහා මේවනවිට කටයුතු සූදානම් කරමින් ඇති බවයි විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ. 

භූ කම්පනයෙන් බලපෑම් එල්ල වූ ප්‍රදේශවල ශ්‍රී ලාංකිකයින් 14 දෙනෙකු සිටි බවත් ඉන් 13 දෙනෙකු ආරක්ෂිතව සිටින බවයි තුර්කියේ ශ්‍රී ලංකා තානාපති හසන්ති දිසානායක සඳහන් කළේ. 

ඒ් අතරම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ(07) පස්වරුවේ තුර්කි ජනාධිපති රිසෙප් ටයෙප් එර්ඩොගාන් සමග සාකච්ඡා කර තිබේ.

එහිදී තුර්කියේ ඇතිවූ හදිසි තත්ත්වය සම්බන්ධයෙන් කනගාටුව පළකර ඇති ජනාධිපතිවරයා එරටට සහ එරට වැසියන්ට සහාය ලබාදීමට සූදානම් බව දන්වා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here