අද පාර්ලිමේන්තු නව සභාවාරය ඇරඹේ

0
313

09 වෙනි පාර්ලිමේන්තුවේ සිව්වන සභාවාරය අද (08) උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඒ, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙනි.

09 වෙනි පාර්ලිමේන්තුවේ තුන්වන සභාවාරය අවසන් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කළේ ඉකුත් ජනවාරි 27 වනදාය.

නව සභාවාරය හෙවත් සිව්වන සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට උත්සවාකාරයෙන් ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපතිවරයා හෙට පෙරවරු 10ට පාර්ලිමේන්තුව අමතා ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හෙට පැවැත්වෙන උත්සවය නිමිත්තෙන් පෙර පුහුණුවීම් කටයුතු ද අද පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරුණි.

මේ අතර පාර්ලිමේන්තුවේ නව සභාවාරය ආරම්භ කරන අවස්ථාවට සහභාගී නොවීමට විපක්ෂයේ කණ්ඩායම් කිහිපයක් තීරණය කර තිබේ. දෙමළ ජාතික සන්ධානය ඊට සහභාගී වන බව දන්වා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here