‘හරි GLOBAL’ සුමති සම්මානයෙන් පිදුම් ලබයි…

0
1542

පසුගිය දා නිමාව දුටු පුංචි තිරයේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන 27 වැනි සුමති ටෙලි සම්මාන උළෙලේ ඩිජිටල් මාධ්‍ය අංශයේ කාලීන වැඩසටහන් තේමාව යටතේ වසරේ විශිෂ්ටතම කාලීන වැඩසටහන ලෙස ‘හරි ටීවී’ යූ ටියුබ් නාලිකාවෙන් විකාශය වූ ‘කොවිඩ් සමයේ රටේ විවිධ ජනකොටස් මුහුණ දුන් අර්බුදය’ තේමාකරගනිමින් නිෂ්පාදිත වැඩසටහන් පෙළ සම්මානය දිනාගන්නා ලදී.

කොවිඩ් සමයේ උතුරේත්, දකුණේත් ජනතාව දිවිගෙවූ ආකාරය, ඔවුන් මුහුණ දුන් දුෂ්කරතා, අභියෝග ජයගත් ආකාරය මීට පාදක වී ඇති අතර මාස ගණනාවක් තිස්සේ කරන ලද පර්යේෂණයකින් පසුව මෙම වැඩසටහන් පෙළ නිර්මාණය කර තිබුණි.

ආචාර්ය රංග කලන්සූරියගේ අධීක්ෂණ දායකත්වය යටතේ, ඔ්මාර් රාජරත්නම්, ජගත් ලියනාරච්චි, විරංජන හේරත්, නෙරංජනී ෂන්මුගරාජා, අසාම් අමීන්, නිරෝෂ් මෛත්‍රී, මනෝරම වීරසිංහ, ඩිනාලි ජයසිංහ ඇතුළු විශාල පිරිසකගේ දායකත්වයෙන් මෙම වැඩසටහන් පෙළ නිර්මාණය කර තිබුණි.

මෙම වැඩසටහන ප්‍රකට රූපවාහිනී මාධ්‍යවේදියෙක් සහ පූරකයෙක් මෙන්ම හරි ටීවී විධායක අධ්‍යක්ෂ ලහිරු මුදලිගේ විසින් අධ්‍යක්ෂණය කළ අතර මෙය ‘හරි ටීවී’ නිෂ්පාදනයක් ලෙසින් ජාත්‍යන්තරයට යූටියුබ් හරහා මුදු හැර තිබිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here