ජනතාවට හිසේ රදයටත් බදු ගෙවන්න වෙලා – හිටපු ජනපති

0
752

ජනතාවගේ ඔළුවේ කැක්කුමටත් රජයට බදු ගෙවන්න සිදුව ඇති බව හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ගල්කිරියාගම, බුදුගේහින්න, පුංචි දඹුල්ල රජමහා විහාරයේ නව සංඝාවාසය හා දාන ශාලාව විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

තම පාලන සමයේ සෞඛ්‍ය සේවයට බදු පනවා නොතිබූ බවත්, දැනට ජනතාවගේ ඔළුවේ කැක්කුමට පවා රජය බදු පනවා ඇති බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.

තමා එක්සේසත් කළ රට කෑලි කෑලිවලට කඩා දමමින් සිංහ කොඩියේ සිංහයා ඉවත් කිරීමට යන බවද ඒ මහතා එහිදී පැවසීය.

එමෙන්ම බුදුදහමට ඇති වරප්‍රසාද අහිමි කරමින් වත්මන් ආණ්ඩුව ක්‍රියා කරන බව පෙන්වා දෙමින් ඒ මහතා කියා සිටියේ මේ කාලය ජනතාව අවදියෙන් සිටිය යුතු යුගයක් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here