හෙට දින ඩොලර් බිලියන 5.2 ක ණයක් ගෙවිය යුතුයි – රාජිත

0
550

ශ්‍රීලංකාව හෙට(01) දිනය වන විට ඩොලර් බිලියන පහයි දශම දෙකක ණය මුදලක් ගෙවිය යුතු බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ පසුගිය රජය රාජ්‍ය බැංකු මගින් නීතියට පටහැනිව ණය ලබාගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව රුපියල් ට්‍රිලියන තුනයි දශම පහක ණයකරුවෙකු වී ඇති බවයි.

කළුතර පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මේ අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ප්‍රකාශ කළේ එම ණය හේතුවෙන් රට මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here