ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපති අත්අඩංගුවට

0
326

ගුවන් තොටුපොළ, ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ සභාපතිවරයා වරකාපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

රජයේ වාහන දෙකක් යොදා ගනිමින් ඒකාබද්ධ විපක්ෂයේ පාද යාත්‍රාවට අදාළ සැරසිලි කටයුතු සිදුකිරීම ඇතුළු චෝදනා කිහිපයක් මත ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පැවසුවේය.

පාගමන අතර තුර ඒකාබද්ධ විපක්ෂයේ නියෝජිතයන් ඊයේ(30) දිනයේදී හිටපු අමාත්‍යවරයෙකු වූ ධර්මසිරි සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වා තිබේ.

ඒ සඳහා ගුවන්තොටුපොළ සහ ගුවන් සේවා සමාගම සතු වාහන අවසරයකින් තොරව  ලබාදීම සැකකරුට එරෙහි චෝදනාවන් අතර වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here