අන්තරයට ජල ප්‍රහාර!

0
315

හෝමාගම, පිටිපන මංසන්ධියේ පැවති අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ විරෝධතාවයක් විසුරුවා හැරීමට පොලීසිය ජල හා කදුලු ගෑස් ප්‍රහාර එල්ල කර තිබෙනවා.

හෝමාගම බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය සියලු සිසුන්ට විවෘත කරන ලෙස බලකරමින් එම භික්ෂු බලමණ්ඩලය මෙම විරෝධතාව සංවිධාන කර තිබුණා.

පිටිපන මංසන්ධියේදී සත්‍යග්‍රහයක් සිදුකිරීම සඳහා තාවකාලික අට්ටාලයක් ඉදිකිරීමේදී භික්ෂු බලමණ්ඩලයේ ස්වාමීන් වහන්සේ සහ පොලීසිය අතර උණුසුම් තත්ත්වයක් ද හටගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. පසුව එම ස්ථානයේ සත්‍යග්‍රහයේ නිරතවූ පිරිස විසුරුවා හැරීමට පොලීසිය විසින් එලෙස කදුලු ගෑස් හා ජල ප්‍රහාර එල්ලකර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here