සියළු පක්ෂ එකතුවීම යුගයේ අවශ්‍යතාවයක් – ජනපති

0
517

ජනතා ඡන්දයෙන් තේරී පත් වු මහජන නියෝජිතයින්ගේ වගකීම රට ගොඩනැගීමට එක්වීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

රටේ සියළු දිස්ත්‍රික්කවලට එක හා සමාන සංවර්ධනයක් උදාකර දෙමින් රටේ ජනතාවගේ ප්‍රශ්න විසදීම සඳහා කිසිඳු ආණ්ඩුවක් නොකළ වැඩ කොටසක් තම ධූර කාලය තුළ සිදුකරන බව ජනාධිපතිවරයා පවසයි.

දිවයින පුරා ප්‍රාදේශීය මාර්ග කිලෝමීටර් 3100ක් ප්‍රතිසංස්කරණය කිරීමේ වැඩසටහනේ සමාරම්භක උත්සවයට අද පොළොන්නරුවේ දී සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වු ජනාධිපතිවරයා කියා සිටියේ බලයට කුලල් කා ගන්නා දේශපාලන සංස්කෘතිය අවසන් කර රට ගොඩනැගීමට සියලු දේශපාලනඥයින් සහ පක්ෂ එක්වීම යුගයේ අවශ්‍යතාවක් බවයි.

එමෙන්ම කරගැට එන තුරු මහපාරේ පයින් යෑම නොව රට ගොඩනැගීමට එක්වීම මහජන නියෝජිතයින්ගේ වගකීම බවද ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here