ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශයේ මූලික අරමුණ වන්නේ ගොවියන්ට, වගාකරුවන්ට, නිෂ්පාදකයන්ට මෙන්ම අපනයනකරුවන්ට ජාත්‍යන්තරය ජය ගැනීමට අවශ්‍ය සහාය ලබා දීම බව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා පවසයි.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව එක්ව මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වූ “ප්‍රයිම් එක්ස්පෝ 2016” අපනයන කෘෂිකර්ම ප්‍රදර්ශනය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය දයා ගමගේ මහතා,
අපි අලුතින් නීතියක් ගෙනාවා රජයට වාහනයක් ගත්තත් ඒවාට බදු ගෙවන්න ඕනි කියලා. මේ මගින් රාජ්‍ය වියදම් සීමා කරන්න පුළුවන්.
ගිය ආණ්ඩුව ගත්ත ණයවත් පොත් වල නෑ. ගුවන් සේවා, විදුලිබල, ඛනිජ තෙල් වගේ ආයතන මගින් රජය ණය ගත්තා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලින් ණය ගන්නකොට දුන්නු පොරොන්දුත් කැඩුවා. අද ඒවා අපිට ගෙවන්න සිද්ධ වෙලා.
එදා 2013 අවුරුද්දෙදි පාරවල් කිලෝමීටරයක් හදන්න ගිය වියදමට වඩා අඩු වියදමක් අද යන්නේ. අපි ටෙන්ඩර් කරලා ඒවා නිසි ක්‍රමවේදයට අදාළ පුද්ගලයින්ට ලබා දීලා තියනවා. 2013 ට වඩා සීයට 30 ක් අඩුවෙන් අද වියදම් කරන්නේ.
අපි පුළුවන් තරම් බලනවා රජයේ විදයම අඩු කරලා රජයේ සියලු දෙනාගේම උපරිම සේවා දායකත්වය ලබා දීලා, ඒ හරහා රාජ්‍ය ආදායම ඉහළ නංවමින් ආර්ථිකය ශක්තිමත් කරන්න.
මම කැමතියි කියන්න, අපේ අමාත්‍යාංශය මගින් කාන්තාවන් දස ලක්ෂයක් වෙනුවෙන් ගෙවතු වගාවන් සඳහා ආධාර ලබා දෙනවා. ධන සවිය වැඩසටහන යටතේ මේ කාන්තාවන් සඳහා හිමිකම්පත් ලබා දීම අද සිදු වෙනවා. මේ මගින් තමන්ගේ ගෙවත්තට අවශ්‍ය පැළ සහ රෝපණ ද්‍රව්‍ය අපේ අමාත්‍යාංශය මගින් ලබා දෙන්න කටයුතු කරනවා.
මට අවශ්‍ය කරනවා එක කාන්තාවකගේ ආදායම අවම වශයෙන් රුපියල් ලක්ෂයකින් වැඩි කරන්න. ඒ අනුව, අපේ අපනයන ආදායම රුපියල් බිලියන 250කින් වැඩි කරන්න. මේ මගින් පමණක් අපිට පුළුවන් දළ දේශීය නිෂ්පාදනය සියයට දෙකකින් ඉහළ නංවන්න. ඒක නිසා මම මෙතන ඉන්න හැම කෙනෙකුටම කියනවා, තමුන්නාන්සේලාගේ දරුවෝ වෙනුවෙන්- මේ පැළ දරුවෙක් වගේ බලාගන්න කියලා. අවශ්‍ය උපදෙස් අපේ දෙපාර්තමේන්තු වලින් ලබා ගන්න. අද මෙතනින් පටන් ගත්ත ප්‍රදර්ශන මාලාවේ අරමුණ මේකයි.
අපි බලාපොරොත්තු වෙනවා, රටපුරා ප්‍රයිම් එක්ස්පෝ ප්‍රදර්ශන මාලාවක් පවත්වන්න. ඒ විතරක් නෙවෙයි, ජාත්‍යන්තර ප්‍රදර්ශන තුළත් අපේ රට නියෝජනය කරමින් අවශ්‍ය ආකර්ෂණය අපේ රටට ලබා ගන්න මේ ප්‍රදර්ශනය භාවිත කරන්න අපි බලාපොරොත්තු වෙනවා.
තමුන්නාන්සේලාට අපේ අමාත්‍යාංශය හරහා පාර කපලා දෙනවා ජාත්‍යන්තරයට යන්න. ගොවියට, වගාකරුවට, නිෂ්පාදකයට වගේම අපනයනකරුවන්ට ජාත්‍යන්තරයට යන්න අවශ්‍ය සහාය ලබා දෙන වැඩටසහනක් තමයි මේ ආරම්භ කළේ.
29,30,31 තෙදින පුරා පැවති ප්‍රයිම් එක්ස්පෝ 2016 ප්‍රදර්ශනයේ දී අපනයන කෘෂිකර්ම ක්ෂේත්‍රෙය් නව නිෂ්පාදන හා සොයාගැනීම් ප්‍රදර්ශනය කර තිබිණි.
එමෙන්ම මෙහිදී අපනයන කෘෂි බෝග වගාකරුවන් ලියාපදිංචි කිරීමේ වැඩසටහනක් ද පැවැත්වත්වා තිබේ.
මේ අතර, මෙහි දී වගාකරුවන් වෙනුවෙන් සංඛේතාත්මකව රෝපණ ද්‍රව්‍ය ප්‍රදානයක් සහ නිෂ්පාදකයින් වෙනුවෙන් හිමිකම්පත් ප්‍රදානයක් ද අමාත්‍යවරයා අතින් සිදු විය.