පාකිස්ථානයට වැඩියෙන් වටින්නේ චීන්නු ලු

0
258

චීනය පාකිස්තානයට වටිනා සේවාවන් ලබා දෙන බැවින් චීන ජාතිකයන්ට ආරක්ෂාව සැපයීම පකිස්ථාන කයිබර් පක්තුන්ක්වා පොලිස් බලකායේ ප්‍රමුඛතාවය බව එහි පොලිස්පති අක්තාර් හයාත් ඛාන් පවසා තිබේ.

පසුගියදා නව්ෂෙරා හි රෂාකායි ආර්ථික කලාපයේ සංචාරයකදී ඔහු චීන ජාතිකයන්ගේ ආරක්ෂාව තර කරන ලෙස උපදෙස් දී ඇත.

හදිසි අවස්ථාවකදී නිසි වේලාවට ප්‍රතිචාර දැක්වීම සඳහා චීන ඉංජිනේරුවන් සමඟ සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්නා ලෙසද ඔහු අදාළ නිලධාරීන්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා සඳහන් කරයි.

පළාතේ විවිධ ව්‍යාපෘතිවල සේවය කරන චීන ජාතිකයින්ට ආරක්‍ෂාව සැපයීම රජයේ සහ පොලිසියේ ප්‍රධාන වගකීම බව හයාත් පවසයි.

පොලිස්පතිවරයා පාකිස්ථාන හමුදා නිලධාරීන්, චීන ඉංජිනේරුවන් සහ පොලිස් නිලධාරීන් හමුවී චීන පකිස්ථාන ආර්ථික කොරිඩෝව යටතේ ඉදිකෙරෙන ආර්ථික කලාපයේ ආරක්ෂක විධිවිධාන ද ඔවුන් සමඟ සාකච්ඡා කර ඇති බව වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here