වැඩි පොළියට ණය ගත් අයට සහනක් දෙනවා – නන්දලාල්

0
364

වැඩි පොලී අනුපාත සහ බදු හේතුවෙන් පීඩාවට පත්වී සිටින බැංකුවලින් ණය ලබාගත් පුද්ගලයින්ට සහනයක් දීමට චක්‍රලේක දෙකක් නිකුත් කර ඇති බව මහ බැංකුව අද ප්‍රකාශ කළා. මහ බැංකු අධිපති, ආචාර්ය නන්දලාල් වීරසිංහ මේ බව පැවසුවේ ඊයේ පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකදීයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ (03) පැවති රැස්වීමේදී නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 100 කින් ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 15.50 දක්වාත් නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 16.50 දක්වාත් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය කටයුතු කර ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව අතර සැප්තැම්බර් මාසයේ ඇති කරගත් එකඟතාව මත ලකුණු 100 කින් ප්‍රතිපත්ති පොලි අනුපාතය වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා මහ බැංකුව එකඟතාවයකට පැමිණි බවත් ඉන් වෙළඳපොළ පොලී අනුපාත වැඩි වීමක් සිදු වෙතැයි අපේක්ෂා නොකරන බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here