කාන්තා දිනයට ලක්වනිතාවන්ට ලාබ‌ෙට රත්තරං

0
551

පසුගිය සතියට සාපේක්ෂව මේ සතිය වන විට රන් පවුමක මිල රුපියල් 18,000කින් පහත වැටී ඇති බවයි රන් ආභරණ වෙළෙදසැල් හිමියන් සඳහන් කර සිටියේ.

අමෙරිකානු ඩොලරයේ මිල ගණන් පහළ යෑම හේතුවෙන් කොළඹ හෙට්ටිවිදියේ රන් මිල අද දිනයේදී පහළ බැස තිබෙනවා. පසුගිය සෙනසුරාදා දිනයට සාපේක්ෂව අද දිනයේදී රන් පවුමක මිල රු.4,000කින් පහත බැස ඇති බවයි රන් වෙළෙඳකරුවන් සඳහන් කර සිටින්නේ.

කැරට් 22 රන් පවුමක අද දිනයේ මිල රු.153,500ක් වන අතර කැරට් 24 රන් පවුමක මිල රු.166,000ක් ලෙස සඳහන්.

පසුගිය වසරේ දී අමෙරිකානු ඩොලරයේ අගය ඉහළ යාමට පෙර පැවති රන් මිලට සාපේක්ෂ අයුරින් මේ වන විට වෙළෙඳපලේ රන් මිල අඩු වී ඇති බවයි රන් ආභරණ කරුවන් සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here