කැලණි සටනේ අලුත්ම තත්ත්වය

0
490

අත්අඩංගුවට ගත් කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ දිල්ෂාන් හර්ෂන නිදහස් කරන ලෙසට ඉල්ලා සිටිමින් එම සංගමය විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී මෙම විරෝධතාවය ආරම්භ කර තිබුණි.,

අන්තර් විශ්ව විද්‍යාල සිසුන්ට කොළඹ විශ්ව විද්‍යාලය අසලදී කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් කැලණිය සරසවි සිසුහු පිරිසක්  කැලණිය සරසවිය ඉදිරිපිට විරෝධතාවකට සූදානම් වීම නිසා මහනුවර – කොළඹ මාර්ගය ඊයේ සුළු වේලාවකට වසා දැමීය.  

කැලණිය සරසවි පරිශ්‍රයේ සිට සිසුන් කොළඹ – මහනුවර මාර්ගයට පැමිණිබව වාර්තා විය.
මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් නිර්මාණය වී තිබිණි.

පසුව පැමිණි පොලිස් කැරලි මර්දන ඒ්කකය අධි පීඩන ජල ප්‍රහාර ඒල්ල කරමින් සිසුන් විශ්ව විද්‍යාලය තුළට යැවූ අතර ඉන් පසු ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරන ලදී.

තෙරපීම නිසා සිසුන් කිහිපදෙනෙක් සුළු තුවාල ලබා ඇති බව වාර්තා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here