කෝටි 1200 ක්‌ ඉල්ලා කැබිනට්‌ සංදේශයක්‌-ඇමති රාජිත

0
525

මෙරට සියලු පිළිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් වර්ග නොමිලයේ සැපැයීම සඳහා මෙම වසර (2016) අවශ්‍ය බෙහෙත් වර්ග මිලදී ගැනීමට වැයවන රුපියල් කෝටි 1200 ක මුදල ලබාගැනීමට අදාළ කැබිනට්‌ සංදේශය ළඟදීම කැබිනට්‌ මණ්‌ඩලය වෙත ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය කටයුතු ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා සැලසුම් කර ඇත.

පිළිකා රෝගීන්ට දැනට පිළිකා සඳහා ලබාදෙන ඇතැම් බෙහෙත් වර්ග වෙනුවෙන් රුපියල් ලක්‍ෂ දෙකහමාරක්‌ වැනි විශාල මුදලක්‌ වැය කිරීමට රෝගීන්ට සිදුවන බවත් ඇතැම් රෝගීන්ට එවැනි මුදලක්‌ කිසිසේත් දැරිය නොහැකි බවත් අමාත්‍යාංශය කියයි. ඇතැම් පිළිකා රෝගීන්ට බෙහෙත් ලබා දී අවසන් වන විට රුපියල් ලක්‍ෂ 50 සිට ලක්‍ෂ 60 දක්‌වා වූ මුදලක්‌ වැයවී තිබෙන අවස්‌ථා ඇති බව ද අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here