10000ක් වහා ම සේවයෙන් ඉවත් කරයි…!

0
1154

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගම එහි සේවකයින්ට අසුබ ආරංචියක් නිවේදනය කර තිබේ.

එහි සඳහන් වන්නේ 10,000ක් පමණ වන සේවකයින් පිරිසක් සේවයෙන් ඉවත් කිරීමට එම සමාගම තීරණය කර ඇති බවය.

මේ එම සමාගම මාස 4ක් තුළ සේවකහින් ඉවත්කරන දෙවැනි අවස්ථාවයි. 2022 නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම එහි අනු සමාගම් වල සේවකයින් 11,000ක් පමණ ඉවත් කිරීමට කටයුතු කළේය.

මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බග් පැවසුවේ මෙම අසීරු තීරණය ගනු ලැබුවේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීම සඳහා බවය.

10,000ක් රැකියාවලින් ඉවත් කිරීමට අමතරව දැනට පවතින පුරප්පාඩු 5,000ක් පමණ එසේම තැබීමටද ඔහු තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here