Wednesday, October 30, 2024

දිවයින කතෘ නාරද- වෙල්ගම ගෙදර යවයි

වයින දිනපතා පුවත්පතේ කර්තෘවරයාව සිටි නාරද නිශ්ශංක මහතා වයස අවුරුදු 55 පිරෙන දිනයේම ගෙදර යැවීමට එහි හිමිකරු වන නිමල් වෙල්ගම මහතා කටයුතු කර තිබේ.

නාරද මහතා දිවයින දිනපතා පුවත්පතේ කර්තෘවරයාව සිටියද පසුගිය කාලයේ අදාළ පුවත්පතේ ලිපි සැකසුනේ චිත්‍රපට අධ්‍යක්ෂ ජයන්ත චන්ද්‍රසිරි මහතාට අවශ්‍ය පරිදි බව දිවයින තුළ ප්‍රසිද්ධ රහසක් බව පැවසේ.

ඒ තත්ත්වයට හේතුවී ඇත්තේ නාරද මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාන ක්‍රමය දැඩි ලෙස ප්‍රතික්ෂේප කළ අයෙක් නිසා බවද වාර්තා වේ.

දිවයින තුළ වෘත්තීය සමිති ආරම්භ කිරීමට කටයුතු කළ අය අතර පුරෝගාමියකු වන නාරද මහතා දිවයින සේවක වෘත්තීය සමිතියේ සභාපතිවරයාවද සිටි බව පැවසේ.

කෙසේවුවද, නාරද මහතාට වයස අවුරුදු 55 පිරුණු දිනයේම ඔහුට දුරකථන ඇමතුමක් දුන් නිමල් වෙල්ගම මහතා එදිනෙන් පසුව දිවයිනට ඔහුගේ සේවය අවශ්‍ය නොවන බව පවසා තිබේ.

අවශ්‍ය නම් නාරද මහතාට ගෙදරයාමට ප්‍රවාහන පහසුකම් සැපයිය හැකි බව වෙල්ගම මහතා පවසා ඇති අතර ඊට පිළිතුරු ලෙස නාරද මහතා අවශ්‍ය නැතැයි පවසා ඇත.

එසේ පැවසූ නාරද මහතා දශක තුනක් ඉක්මවන දිවයින සේවාවට සමුදී හවස බස් රථයකින් ගොදර ගොස් ඇති බව ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

කෙසේවුවද, නාරදගේ සේවා ඇගයීමක් හෝ නොකොට ඔහු ගෙදර යැවීම ගැන “මේකට කැඹුරුවට වැඩක් නෑ අපිටත් කවදහරි ඔය ටික තමයි” යැයි කියමින් මේ සිද්ධිය සම්බන්ධයෙන් දිවයින සේවකයෝ විශාල පිරිසක් නොසතුටෙන් සිටින බවද මේ අතර වාර්තා වේ.

පසුගිය කාලයේ ජනප්‍රිය පුවත් පතක් වූ දිවයිනෙහි මේවන විට අලෙවිය සීඝ්‍ර ලෙස පහල වැටී ඇතැයි ද වාර්තා වේ

Related Articles

2 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles