නිල මෙහෙවර – ජාතික ජංගම සේවාව

0
309
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 03 ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 ක් ආවරණය කරමින් ජුලි 01 දා සිට පැවති ” නිල මෙහෙවර – ජාතික ජංගම සේවාව” සමාප්ති උත්සවය ඊයේ (30) ජනාධිපති ගරු මෛත්‍රීපාල  සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව රාජකීය විද්‍යාලයේදී  පැවැත්විණි.
මෙම උත්සවයේදී  දිස්ත්‍රික්කයේ පූජා භූමි සදහා  ඉඩම් ඔප්පු ප්‍රදානය, ප්‍රතිආශ්‍රැත ජල පිරිසිදු කිරීමේ යන්ත්‍ර ගොවි සංවිධාන සහ පාසල් වෙත බෙදාදීම, ස්වයං රැකියා ලාභි පවුල් සදහා ස්වයං රැකියා උපකරණ කට්ටල ප්‍රදානය, සිසු දිරිය ශිෂ්‍යත්ව ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් සිදුවිය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් පිරිසක්, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද ප්‍රදේශවාසී ජනතාව විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here