ඩොලරයට වෙරි! මිල එහෙට මෙහෙට වැනේ..

0
338

අද දිනයේ මෙරට වාණිජ බැංකුවල විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව සුළු වෙනස්වීමක් දක්නට ලැබෙනවා.

ඒ ප්‍රධාන රාජ්‍ය බැංකුවල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී අමෙරිකානු ඩොලරයේ විකිණුම් සහ ගැනුම් මිල වෙනස් වීම හේතුවෙන්.

මහජන බැංකුවට අනුව අමෙරිකානු ඩොලරයක ගැනුම් සහ විකිණුම් මිල ඊයේ දිනයට සාපේක්ෂව අද දිනයේදී  සුළු වශයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ඩොලරයක ගැනුම් රු. 308.70ක් වූ අතර එය අද දිනයේදී රු. 310.62ක් ලෙස ඉහළ ගොස් තිබෙනවා. ඊයේ දිනයේදී ඩොලරයේ විකිණුම් මිල රු.330.92ක් ලෙස සටහන්වූ අතර එය අද දිනයේදී රු. 332.99ක් ලෙස ඉහළ ගොස් ඇත.

අද දිනයේදී ලංකා බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු.311ක් වූ අතර විකිණුම් මිල රු.329.54ක් ලෙසයි සටහන් ව තිබෙනවා.

මේ අතර අද දිනයේදී සම්පත් බැංකුවේ විනිමය අනුපාත අගයන් අනුව අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල රු. 310ක් ලෙස සටහන්ව තිබෙන අතර ඩොලරයේ ගැනුම් මිල රු. 325ක් ලෙස සටහන්ව ඇත.

කොමර්ෂල් බැංකුවේ අමෙරිකානු ඩොලරයේ ගැනුම් මිල අද රු. 311.69ක් ලෙස සටහන්වූ අතර ඩොලරයේ විකිණුම් මිල රු.330ක් ලෙස සටහන්ව තිබුණා.

සෙලාන් බැංකුවේ අද දිනයේ ඩොලරයේ ගැනුම් මිල රු. 309ක් ලෙස සටහන්ව තිබෙන අතර විකිණුම් මිල රු. 331ක් ලෙස සඳහන්ව ඇත.

හැටන් නැෂනල් බැංකුවේ අමෙරිකානු ඩොලරයයේ අද ගැනුම් මිල රු. 310ක් සහ විකුණුම් මිල රු. 330ක් ලෙස සටහන්ව ඇත. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here