Thursday, October 31, 2024

යුරෝපයේ වගේ 5 ගුණයක් බොන අපේ මිනිස්සු

යුරෝපයේ රටවල ජනතාව දෛනිකව පරිභෝජනය  කරන මද්‍යසාර ප්‍රමාණය මෙන් පස්ගුණයක ප්‍රමාණයක් ලංකාවේ ජනතාව පරිභෝජනය කරන බව දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරියේ සභාපති වෛද්‍ය පාලිත අබේකෝන් මහතා අද (03දා) පැවසීය.

ලංකාවේ ඒකපුද්ගල මද්‍යසාර පරිභෝජනය දිනකට ලීටර් 3.3ක් බවද, යුරෝපයේ එම ප්‍රමාණය ලීටර් 0.5ක් බවද කී සභාපතිවරයා ලංකාවේ මද්‍යසාර භාවිත කරන පිරිස සමස්ත ජනහනයෙන් බෙදූ විට 20% ක් බවත්,යුරෝපයේ  එය 95% ක් ලෙස සඳහන් වන බවත් ඔහු සඳහන් කළේය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තුමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළවිය.

ලංකාවේ පිරිමින්ගෙන් 37.1%ක්ද, ස්ත්‍රීන්ගෙන් 2.4%ක්ද,යෞවනයන් 40000ක්ද මද්‍යසාර පරිභෝජනය  කරන බව පැවසූ ඒ මහතා කාන්තාවන්ගේ පරිභෝජනය සියයට 1.2 සිට 2.4 දක්වා දෙගුණයකින් වැඩි වී ඇතැයි පවසා සිටියේය.

 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles