එක්සත් ජාතීන්ගේ නව මෙරට නියෝජිත පැමිණේ

0
415

එක්සත් ජාතීන්ගේ නව ශ්‍රී ලංකා නේවාසික නියෝජිත ලෙස කටයුතු කරන උනා මැකෝලි (Una McCauley) මහත්මිය ඊයේ(03දා) මෙරටට පැමිණි අතර  විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා හමුවේ සිය අක්ත පත්‍ර බාරදීම සිදුකළාය.

බ්‍රිතාන්‍ය ජාතික කාන්තාවක් වන ඇය ශ්‍රී ලංකාව තුළ ජගත් සංවිධානය වෙනුවෙන් ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨතම නිලධාරිනිය වේ.

ශ්‍රීලංකාව තුළ නේවාසිකව සහ අනේවාසිකව ක්‍රියාත්මක වන එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන 21 සඳහා ඇය නායකත්වය ලබාදෙන අතර, එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයාගේ ශ්‍රීලංකා නියෝජිතවරිය ලෙසද ඇය කටයුතු කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වසර 15 ක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති ඇය ගෝලීය ගැටලු සහ සංවර්ධන ප්‍රතිපත්ති සැලසුම් කිරීම සඳහා විශේෂ නිපුණතාවක් දක්වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ කොළඹ කාර්යාලය නිවේදනය කළේය.

ශ්‍රීලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක පදවිය සහ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි ශ්‍රී ලංකා නේවාසික නියෝජිත පදවිය හොබවන පළමු කාන්තාව වන්නේද මැකෝලි මහත්මියයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here