Friday, October 18, 2024

අවුරුදු සමයේ විශේෂ දුම්රිය නෑ! දුම්රිය සේවා බිඳ වැටෙන ලකුණු… ලංගම දිගටම ධාවනයේ…

දුම්රිය දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු පැවසුවේ මේවනවිට පවතින දුම්රිය රියදුරන්ගේ හිගය සහ සේවයේ නිරත රියදුරන් සිංහල හා දෙමළ අළුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ඉල්ලා සිටීම වැනි කරුණු හේතුවෙන් අලුත් අවුරුදු සමයේ දුම්රිය ධාවනය බිඳවැටීමේ අවදානමක් පවතින බවයි.

සේවක හිඟය සහ දුම්රිය නිරන්තර කාර්මික දෝෂ වලට ලක්වීම නිසා දෛනිකව දුම්රිය ගමන්වාර සැලකිය යුතු ප්‍රමාණයක් අවලංගු වන අතර, දුරගමන් සේවා දුම්රියන් මන්දගාමී ධාවනයට යොමුකරනු ලබයි.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් ගැටළුවකින් තොරව ප්‍රවාහන පහසුකම් සැපයීමට මේවනවිටත් කටයුතු සූදානම් කර ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණහංස පැවසුවේ ඒ සඳහා අවශ්‍ය සැලසුම් මේවනවිටත් සකස් කර අවසන් බවයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest Articles