රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා

0
304

රාජ්‍ය සේවක වැටුප ලබන සඳුදා ලබා දීමට තීරණය කර තිබෙනවා. රජයේ ආරංචි මාර්ග පැවසුවේ විශ්‍රාම වැටුප සහ සමෘද්ධි දීමනාද එදිනම ලබා දෙන බවයි.

ආසන්න කාලයකදී මාර්තු සහ අප්‍රේල් යන මාස දෙකේම වැටුප් සහ දීමනා ගෙවීම ගැටලුවක්ව තිබූ බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මීට පෙර ප්‍රකාශ කළේ. 

මේ අතර 2023 පළාත් පාලන මැතිවරණය සදහා නාම යෝජනා භාරදුන් රාජ්‍ය නිලධාරීන් සදහා වැටුප් ගෙවීමට අදාළ චක්‍රලේඛය අද නිකුත් කළා. පසුගිය තුන්වනදා පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඊට අනුමැතිය හිමි වුනා. ඒ අනුව මාර්තු 09 සිට අප්‍රේල් 25 දක්වා එම නිලධාරීන්ට හිමි මූලික වැටුප ලබාදෙනු ඇති. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here