පාකිස්තානයේත් ගෑස් හිඟයක්

0
1243

ගෘහස්ත ගෑස් හිඟය හේතුවෙන් රාමසාන් සමයේ පාකිස්තානය පුරා ජනතාවගේ ජීවිත දුක්ඛිත තත්ත්වයකට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
ගෑස් හිඟය හේතුවෙන් පසුගිය කාලය පුරාම උදෑසන පැය තුනක්, දහවල් පැය දෙකක් සහ සවස පැය තුනක් බැගින් ගෑස් සපයනු ලැබුවා.
රාමසාන් පැමිණීමත් සමඟ, ගෑස් පාරිභෝගිකයින්ට සහර් සහ ඉෆ්තාර් කාලවලදී ගෑස් සපයන බවට සහතික විය.
නමුත් බොහෝ ප්‍රදේශවල මෙම කාලවලදී ගෑස් සැපයූ නමුත් පීඩනය අඩු මට්ටමක පැවතුනි.
පාරිභෝගිකයින් පූජනීය මාසය තුළ තම ආගමික වගකීමක් වන උපවාසය ඉටු කිරීමේදී දැඩි දුෂ්කරතාවයකට මුහුණ දෙද්දී රජය නිහඬ ප්‍රේක්ෂකයෙකු මෙන් සිටින බවටද ජනතාව මැසිවිලි නගති.
ජනතාවට ඇති එකම විකල්පය ගෘහස්ත ගෑස් සිලින්ඩර භාවිතා කිරීම වුවත් මිල ඉහළ යෑම හේතුවෙන් අඩු ආදායම්ලාභීන්ට එම අවස්ථාව ද අහිමි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here